එම තීන්දුව දෙනු ලැබුවේ, මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසින්. අදාළ දඩ මුදල නොගෙවන්නේනම්, මාස 24 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත්, විනිසුරුවරයාගේ තීන්දුවේ සඳහන්. 2006 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුවක් අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණය හමුවේ සඳහන් කළේ, අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවයි. ඒ අනුව, මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණා.