අත්ඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම 175,000කට ආසන්නය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග යුධ හමුදාවේ සේවයේ නියුතු අයෙකුද සැකපිට අත්ඩංගුවට ගෙන තිබෙනවා. එහිදී ඔහුගෙන් කල ප්‍රශ්නකිරීම්වලදී ඔවුන් විසින් යතුරුපැදියකින් ගොස් රංමාල මංකොල්ල කෑම් සිදුකල බවට අනාවරණය කරගත් බවයි පොලීසිය පවසන්නේ.
යුධ හමුදා නිලධාරියා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චිය සදහා තදින් ඇබ්බැහි ඌවෙකු බවත්, දෙදෙනා එක්ව මාල කොල්ලකෑම් සිදුකරන බවත් පොලිසිය පවසනවා. යුද හමුදා සෙබළා විසින් කොල්ලකන රන් මාල උකස් මධ්‍යස්ථාන වල උකස් තබා තිබෙනවා.
උකස් මධ්‍යස්තානයක උකස් තබන ලද රන් මාලයක්, උල් පිහියක්, මංකොලකෑම් සදහා භාවිතාකල යතුරු පැදියක් අත්ඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් කඩුවෙල උසාවියට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි.