අයහපත් කාලගුණය නිසා කටුනායකින් මත්තලට ගුවන් යානා හරවා යවයි

ජූනි 02, 2024

    මගීන් 204 දෙනෙකු සමග සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 309 දරන ගුවන්යානය, කටුනායක බණ්ඩාරනායක ජාත්යංන්තර ගුවන්තොටුපළ ප්‍රදේශයේ පැවති දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්වීමට සිදුවිය.

    මෙහිදී ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින්, ගුවන්යානයේ සිටි මගීන්ගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්ය් සියලුම විධිවිධාන යොදන ලදි.

    මගීන්ට සිය කැමැත්ත පරිදි මත්තල ගුවන්තොටුපළෙන් පිටවයාම හෝ, ගුවන්යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් කරනතුරු රැඳී සිටීම සිදුකළ හැකිවිය.

    කෙසේ නමුත් සිවිල් ගුවන්සේවා නීතිරීති අනුව ගුවන්යානයේ කාර්යමණ්ඩලයට රාජකාරී කිරීම සඳහා අවසර තිබූ කාලසීමාව ඉක්මගිය බැවින් ගුවන්යානය මත්තල ගුවන්තොටුපළෙහිම රඳවා තැබීමට සිදුවූ අතර, තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම ගුවන්යානය සිංගප්පූරුවෙන් පිටත්වීම පැය 5ක පමණ කාලයක් ප්රේමාදවීම මෙම තත්ත්වයට බලපෑතවත් හේතුවක් විය.

    අද දින උදෑසන 10.00ට, වෙනත් කාර්යමණ්ඩලයක් සමගින් ගුවන්යානයබණ්ඩාරනායක ජාත්යකන්තර ගුවන්තොටුපළ බලා පිටත්විය.

    තාක්ෂණික දෝෂය හේතුවෙන් සහ පසුව ගුවන්යානය මත්තල ගුවන්තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදුවීම හේතුවෙන් මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවය සිය කනගාටුව පළකර සිටිනවා.

    මගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගැනීමට සිදු වූ අතර, ශ්‍රී ලංකන් ගුවන්සේවය මේවන විට වෙනත් ගමනාන්තයන් කරා ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා හැකි සෑම උත්සහයක්ම දරමින් සිටිනවා.

    Latest News