සොත්ති උපාලිගේ පුතෙක් කුඩු සමග මාට්ටු

අප්‍රේ 02, 2019

    හෙරොයින් 2kg - 549g ක් හා ගිණි අවියක් සමග සැකකරුවෙකු මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අද (02) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදී හොරොයින් තොගය සහ විදේශීය රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ මෙම ගිණි අවිය සොයා ගෙන ඇත.

    අත්අඩංගුවට පත් වී ඇත්තේ අවුරුදු 41ක් වූ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචි දොන් ලක්ෂිත ප්‍රසන්න නම් අයෙකි. මොහු රාජගිරිය ප්‍රදේශයේ කළක් පාතාල කල්ලි නායකයෙකුව සිටි සොත්ති උපාලි නොහොත් අරඹෙවෙලගේ දොන් උපාලි රන්ජිත්ගේ පුත්‍රයෙකු බවද වාර්තාවේ.

    සැකකරු හෙට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 17:09

    Latest News