මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1052ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
ඉන් පැමිණිලි 1006ක් මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04ක් සහ වෙනත් පැමිණිලි 42ක් ද ලැබී ඇති බව සඳහන් වනවා.
මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.