ඒ අනුව, එක් අපේක්‍ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්‍ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන් වැනි මනාපයත් ඡන්ද පත්‍රිකාවක ලකුණු කිරීමට හැකියාව පවතිනවා.
අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමටද හැකි බවයි, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ඡන්ද දායකයා ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්‍ෂකයාගේ නම හා ලකුණු ඉදිරියෙන් වෙන්කර ඇති කොටසේ "1" ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුයි.