බිනර පුර පසළොස්වක පොහොය අදයි

සැප් 17, 2024
    භික්ෂුණි ශාසනය ආරම්භ කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර ‍පුර පසළොස්වක පොහොය අදයි.
    ඒ නිමිත්තෙන්, දිවයින පුරා විහරස්ථානවල අද විශේෂ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
    මහා ප්‍රජාපති ගෝතමි ඇතුළු 500ක් කාන්තාවන් අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීමෙන් පසු භික්ෂුණි ශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළේ, බිනර පෝහෝ දිනකයි.
    භික්ෂු, භික්ෂුණින් වහන්සේට අප්‍රමාද වීමේ අගය පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ "වර්ණ" සුත්‍රය දේශනා ‍කළේ ද, අද වැනි පොහෝ දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්.

    Latest News