යුක්‍රේන - රුසියා යුද්ධයට යන උතුරු කොරියානු සොල්දාදුවන්

ඔක් 19, 2024

    උතුරු කොරියාව සිය සොල්දාදුවන් යුක්‍රේන - රුසියා යුද ගැටුමේ සටන් සඳහා යැවීමට පියවර ගෙන ඇති බවට, දකුණු කොරියානු රාජ්‍ය බුද්ධි සේවා හෙළිදරව් කර තිබෙනවා.

    ඉදිරි දිනවල ඔවුන් රුසියාව වෙනුවෙන් සටන් කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ. බුද්ධි අංශ තොරතුරුවලට අනුව උතුරු කොරියානු සොල්දාදුවන් 10,000 ක පි‍රිසකට යුද්ධයට සම්බන්ධ විය හැකි බවට තමන් විශ්වාස කරන බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මිට පෙර ප්‍රකාශ කළා.

    දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය සිය බුද්ධි තොරතුරු මගින් අනාවරණය කරගෙන ඇත්තේ, උතුරු කොරියානු සොල්දාදුවන් රුසියාව වෙනුවෙන් සටන් කිරීම සඳහා එරටින් පිටත් කර ඇති බවයි. දකුණු කොරියානු බුද්ධි වාර්තාවලට අනුව උතුරු කොරියානු භටයන් 1,500 ක් දැනටමත් රුසියාව වෙත ගොස් සිටින බව, සඳහන්.

    දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යිඔල් ඊයේ ආරක්ෂක රැස්වීමක් කැඳවූ අතර එහිදී ඔහු කියා සිටියේ, ජාත්‍යන්තර ප්‍රජාව උතුර කොරියාවට එරෙහිව "පවතින සියලු ක්‍රමවලින්" ප්‍රතිචාර දැක්විය යුතු බවයි.

    Latest News