අඩු ආදයම්ලාභීන් සඳහා නිවාස 5,500ක්

අප්‍රේ 06, 2019

    චීනයේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ව්‍යපෘති 2ක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 280 ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට එකඟ වී තිබේ.

    මෙය ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ [Asian Infrastructure Investment Bank (AIIB)] ශ්‍රී ලංකාවේ සිදුකරන ප්‍රථම ආයෝජනයයි. අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදයම්ලාභීන් සඳහා නිවාස සහ ඉඩම් සංවර්ධනය කිරීම සිදු කෙරේ. ඒ යටතේ නාගරික නිවාස ඒකක 5,500ක් ඉදිකිරීම සහ ඒ අශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය කරනු ඇත. තවත් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් නාය යෑම් අවධානම අවම කිරීමේ ව්‍යාපෘති සඳහා වැය කිරීමට නියමිතයි.

    Latest News