මාලදිවයින් අත්අඩංගුවේ සිටි ධීවරයින් 21ක් හෙට යළි දිවයිනට

අප්‍රේ 10, 2019

    මාලදිවයිනේ රඳවාගෙන සිටි ශ්‍රී ලංකික ධිවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට හැකි වූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

    මෙම ධිවරයින් හෙට (11) රාත්‍රී යලි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති අතර යු.එල්.104 දරන ගුවන් යානයෙන් හෙට රාත්‍රී 9 ට මාලදිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

    ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මාලදිවයින බලධාරීන් සමග කළ සාකච්ජාවල ප්‍රථිපලයක් ලෙස මෙම ධීවරයින් පිරිස යලි ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට හැකි වූ බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය.

    විදේශ රටවල රදවා සිටින ශ්‍රී ලංකික ධිවරයින් උදාවන සිංහල අළුත් අවුරුද්දට පෙර යලි සිය රට ගෙන්වාගැනීමේ කඩිනමි වැඩපිළිවල යටතේ මෙම ධීවරයින් මාලදිවයින බලධාරීන්ගේ අත්අඩංගුවෙන් නිදහස් කරගනිමින් යලි ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට හැකි වූ බව තිබේ.

    ඒ සඳහා ගුවන් ටිකට්පත් , ආහාර සහ අනෙකුත් පහසුකම් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 16 ක මුදලක් ඊයේ (09) දින ධීවර දෙපාර්තමේන්තුව මගින් ලබාදීමටද කටයුතු කර ඇත.

    Latest News