රංගන ශිල්පී වෑන්රූයන් යළි රිමාන්ඩ් (වීඩියෝ)

අප්‍රේ 11, 2019

    බුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වෑන්රූයන් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසියට භාරදුන් අතර එහිදී ඔහු ගංජා ළඟ තබාගත් හා භාවිත කළ බවට පොලීසිය හමුවේ වරද පිළිගෙන තිබේ. ඒ අනූව, ගංජා ළග තබා ගැනීම හා ප්‍රවාහනය යන චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 20:25

    Latest News