සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මෙය ක්රියාත්මක බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා පවසයි. එම දින තුළ ඇති විය හැකි ප්රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වලට අවස්ථාව ලබා දී තිබුණේ අවුරුදු දිනය හා තවත් එක් දිනක් පමණයි.