විදේස් රටක අනතුරට පත් නිල්මිණිට නිවසක්

අප්‍රේ 14, 2019

    විදේශ රැකියාවක නිරතව සිටියදී හදීසි අනතුරකටපත් කුලියාපිටියේ එම්.ඒ.නිල්මිණි චන්ද්‍රිකා මහත්මිය වෙත නව නිවසක් පිරිනැමීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිදු කර තිබේ.

    කාර්යාංශයේ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරනුලබන සහන නිවාස වැඩසටහන යටතේ රු.500,000.00 ක් වටිනා ආබාධිත පුද්ගලයකු හට භාවිතා කිරීමට සුදුසු පරිදි ඉදිකළ නව නිවස භාර දීමපසුගිය දින කුලියාපිටියේදී සිදුවිය.

    කරබරාව, ඉලුක්හේන, කුලියාපිටිය යන ලිපිනයේ පදිංචි එම්.ඒ.නිල්මිණි චන්ද්‍රිකා මහත්මිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවක නිරතව සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්වයට පත්ව දිවයිනට පැමිණියාය.

    එමෙන්ම රක්ෂණාවරණය මඟින් රු.400,000.00 ක මුදලක්, ගුවන් ටිකට්පත් ගාස්තු වශයෙන් රු.23506.00 ක මුදලක් ලබා දීමට හා කාර්යාංශයේ මැදිහත්වීමෙන් විදේශ රක්ෂණ අරමුදලින් ලක්ෂ 18ක මුදලක් ඇය වෙත ලබා දීමට ද කාර්යාංශය කටයුතු කර ඇත.ඒ අනුව නීත්‍යානුකූලව විදේශ රැකියාවකට ගොස් සිදුවන ආපදා තත්වයන්ට සහන රැසක් කාර්යාංශය මඟින් සලසන ලදී.

    Latest News