ඇමති මංගල - එ.ජා. මහලේකම් අතර හමුවක්

අප්‍රේ 19, 2019

    ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා අඛණ්ඩවම සහයෝගය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා සදහන් කරයි.

    අමෙරිකාවේ නිල සංචාරයක නිරතව සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේ දී මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් ලාංකික ජනතාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව ඔහු එහිදී වැඩිදුරටත් තහවුරු කර ඇත.

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 10:14

    Latest News