අද පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, කතානායකවරයා මේ බව කියා සිටියේය. කරු ජයසුරිය මහතා පළමුවෙන් පැමිණියේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැකීමටයි. ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, කරු ජයසූරිය මහතා උන් වහන්සේ සමඟ කෙටි පිළිසඳරක ද නිතර විය.
අනතුරුව, කතානායකවරයා මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. කතානායක කරු ජයසුරිය මහතා ඉන් පසු මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමියන් ද බැහැදුටුවේය.