විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දැමේ

අප්‍රේ 21, 2019

    සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතා දමා තිබේ. 

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම තීරණය ගෙන ඇත. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවල රැඳී සිටින සිසුන්ට තවදුරටත් එහි රැඳී සිටීමට අවසර ඇති බව ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති, මොහාන් සිල්වා මහතා පවසයි. 

    මේ අතර, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ද එය බලපානු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 18:51

    Latest News