මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි සැළසුම් කර තිබුණී.
රටතුළ මතුව ඇති තත්වය සැළකිල්ලට ගනිමින් එය අවලංගු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවස පවසන්නේ.