පිපිරීම් සම්බන්ධයෙන් JVP කිසිවෙක් අත්අඩංගුවේ නැහැ

අප්‍රේ 23, 2019

    රටේ පවතින නොසන්සුන්තාව මඟ හරවා සාමාන්‍ය ජන ජිවිතය යළි පවත්වාගෙන යාමට හැකි ආරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයේ වගකීම බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එකිනෙකාට දොස් නොපවරා විපතට පත්වූවන්ට සහන සැලසීමට පියවර ගත යුතු බව, එම පක්‍ෂය නිකුත් කළ නිවේදනයක සඳහන්. දෙමටගොඩ දී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු 2015 මහ මැතිවරණයේ දී තම පක්‍ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයෙකු බව, තහවුරු වී ඇතැයි ද, එහෙත් එම පුද්ගලයා තම පක්‍ෂයේ සාමාජිකයෙකු හෝ ක්‍රියාකාරිකයෙකු හෝ නොවන බව ද ජනතා විමුක්ති පෙරමුණ කියා සිටී.

    ඔහු ජාතික ලැයිස්තුවට යෝජනා කරනු ලැබුවේ, මැතිවරණයකදී තරඟ නොකරන විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අවස්ථාව ලබාදීම සඳහා බව ද නිවේදනයේ සඳහන් කර තිබේ.

    Latest News