ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ලැබුණු තොරතුරක් මත නිට්ටඹුව පොලිසිය විසින් ගම්පහ තිහාරිය ප්‍රදේශයේ දී ඊයේ (28) මෙම යතුරු පැදිය සොයාගෙන ඇත. යතුරු පැදිය තිබූ නිවස පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී අල්මාරියක් තුල යතුරුපැදියේ අංක තහඩුව කැබලිවලට කපා තිබී සොයාගැනීමට හැකිව තිබේ.
මඩකළපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කිරීමට යතුරු පැදි දෙකක් පැමිණි බවට තොරතුරු ලැබී ඇති අතර මෙය එම යතුරු පැදි දෙකෙන් එකක් යැයි සැක කෙරේ. සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.