සැක කටයුතු අන්දමින් තැපැල් පත් විශාල ප්‍රමාණයක් තැපැල් කිරිමට පැමිණි අවස්ථාවේ පොලිසියට ලද තොරතුරක් මත පරික්ෂ කිරිමෙන් පසු පත්‍රිකා තොගය සහ සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනිම සිදුව ඇත.
එම පත්‍රිකාවල රාජ්‍ය විරෝධි සහ ජාතින් අතර අසමගිය ඇති වන වචන අතුලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්. පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 41, 28 සහ 24 යන වයස් වල පසු වන්නන්වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.