BBC ප්රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කර ඇත.
ත්රස්ත ප්රහාරයේ මෙහෙයුම් රටාව හා එහි නායකත්වය පිළිබඳ සළකා බැලීමේදී ඒ සඳහා බාහිර නායකත්වයක් හෝ උපදෙස් තිබිය යුතු බවත් ඒ මහතා ප්රකාශ කර තිබේ.
බුද්ධි තොරතුරු එක්රැස් කරන්නන්ට, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ඇති අයට මෙන්ම දේශපාලනයේ ඉහළ තනතුරු වල සිටින සියලු දෙනාට මෙහි දෝශාරෝපණය එල්ල විය යුතු බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.
එසේම රටේ ආරක්ෂාව වෙනුවෙන් භට පිරිස් යොදවා ඇති බවත් රට තුළ ප්රචණ්ඩත්වයක් හෝ ජනවාර්ගික කැරලි ඇති නොවන බවට වගබලාගන්නා බවත් යුධ හමුදාපතිවරයා ප්රකාශ කර සිටියේය.