හිටපු අගවිනිසුරු අධිකරණ අපහස නඩුවෙන් විනිසුරුවෙක් ඉවත්වේ

මැයි 08, 2019

    හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කිරිමේ නඩුවට එක් විනිසුරුවරයෙකු සහභාගි වීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් පෙත්තසම සලකා බැලීම ජුනි මස 28 වන දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

     ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන චන්ද්‍රගුප්ත තේනුවර, ප්‍රශාන්ත ගුණවර්ධන සහ මහාචාර්ය හේවා වඩුගේ සිරිල් යන මහත්වරු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය පිළිබඳව පසුගිය දෙසැම්බර් මස තුන්වනදා මරදානේ පැවති මහජන රැළියකදී හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා දැක්වූ අදහස් තුලින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටි. ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එම පැමිණිල්ල අද ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණ.

    මෙහිදී විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා විවෘත අධිකරණයේ කියා සිටියේ වගඋත්තරකරුගේ ප්‍රකාශයට පාදක වූ තහනම් නියෝගය නිකුත් කළ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙක් බැවින් මෙම නඩු විභාගයට සහභාගි වීමට අකමැති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ ජුලි මස 28 වන දා සලකා බලන බව ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    Last modified on බදාදා, 08 මැයි 2019 13:21

    Latest News