ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5/=කින් ද ඉහළ දමා තිබේ.
කෙසේ වෙතත් ජනතාවට සහ පොදු ප්‍රවාහන ක්ෂේත්රයට අයහපත් සිදු වීම වළක්වමින් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් ඉහළ දමා ඇත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.
ඉන්ධන වර්ගය |
වත්මන් මිල |
සංශෝධිත මිල |
මිලෙහි වෙනස |
ඔක්ටේන් 92 පෙට්‍රල් |
132/= |
135/= |
3/= |
ඔක්ටේන් 95 පෙට්‍රල් |
159/= |
164/= |
5/= |
ඔටෝ ඩීසල් |
104/= |
104/= |
0 |
සුපිරි ඩීසල් |
134/= |
136/= |
2/= |
පසුගිය අප්‍රේල් උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යමින් තිබුණ ද මෙරට ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකර සිටීමට රජය පියවර ගත්තේ ය.