බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ළඟ ඇති පුද්ගලයින් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දීමට අද උදෑසන 06.00 අවස්ථාව උදාවේ.
මේ අනුව අද (11) සිට මැයි 14 පෙරවරු 6 දක්වා දින 3ක කාලයක් හිමිවේ. බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් එම පුපුරණ ද්‍රව්‍ය පිළිබඳවත් තබා ඇති ස්ථානය පිළිබඳවත් ළඟම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිට දැනුම් යුතුවේ.