ඒ, මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් විජේරාම, මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී. අන්තවාදය සහ ඊට බලපෑ සාධක පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිරීති නොමැති බැවින්, අවශ්‍ය නීති සම්පාදනය කිරීම මෙම යෝජනා මාලාවේ අන්තර්ගතයි. මේ පිළිබඳව මන්ත්‍රීවරුන් විසින් විපක්ෂ නායකවරයා දැනුවත් කරනු ලැබීය. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ද මේ සඳහා ලබාදෙන ලෙස ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.