දුම්මලසූරිය වෙල්යායකින් පෙට්‍ර්ල් බෝම්බ 8ක්

මැයි 28, 2019

    දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයේ යගම්වෙල ගම්මානයේ ඊයේ යුද හමුදා විශේෂ කාර්ය බලකා සෝදිසි මෙහෙයුමක් සිදුකළේය.

    එහිදී වෙල්යායක් අසළ පෙට්ටියක දමා තිබූ පෙට්‍රිල් බෝම්බ 8ක් සොයා ගැනිණ. එම බෝම්බ කිසියම් නිවසකට හෝ පුද්ගල ප්‍රහාරයකට යොදා ගැනීමට සඟවා තබන්නට ඇතැයි හමුදා නිලධාරීන් සැක පළ කරයි.

    මේ අතර නිවසක් පිටුපස දමා තිබූ කඩුවක්,නිවසේ කාමරයක් තුළ සඟවා තිබූ රුපියල් පන් ලක්ෂ අට දහසක මුදලක් සමග බැංකු ගිණුම් පොත් හා හැඳුනුම්පත් කිහිපයක් ද සොයා ගැනිණ.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 07:47

    Latest News