සමාජ මාධ්‍ය පරිහරණය අවධානයෙන්...

මැයි 28, 2019

    ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් ම වාර්තා වී තිබෙන බවත් සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය. එහිදී කරුණු පැහැදිළි කළ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා....

    "සමාජ මාධ්‍ය ජාල පරිහරණය කිරීමේ දී වැඩි අවධානයකින් ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.එයට හේතුව වන්නේ ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදු වූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදා හරින සිදුවීම් කීපයක් ම වාර්තා වී තිබෙනවා.
    ජාතින් අතර අසමඟිය,වෛරය ඇති කිරීමේ අඳහසින් එවැනි පැරණි සිද්ධීන් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම නිසා සමාජ මාධ්‍ය පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව අවධානයකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා."

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 08:23

    Latest News