රිදීගම නිවසකින් ජීව උණ්ඩ 26ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනේ

මැයි 29, 2019

    කුරුණෑගල, රිදීගම නගරයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී, නිවසක තිබී ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 26ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට, ආරක්‍ෂක අංශ සමත්වී තිබේ.

    යුද හමුදාව භාවිත කරන භාණ්ඩ, අත් බෝම්බයක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් මෙහිදී සොයා ගැණින. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විශේෂ කාර්ය බලකායේ විශ්‍රාමික පුද්ගලයෙකු බව සඳහන් වේ. මෙහෙයුම සිදුකරනු ලැබුවේ, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ හා 14 වන සේනාංකයේ යුද හමුදා භට කණ්ඩායම් සහ පොලිසිය විසින්.

    Last modified on බදාදා, 29 මැයි 2019 18:05

    Latest News