උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය

ජූනි 02, 2019

    ජාතික හැඳුනුම්පත් අංකය උපතේදීම ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බව, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    ඒ අනුව, උප්පැන්න සහතිකයටම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීම සිදු කිරීමට නියමිත බව අමාත්‍යවරයා කියා සිටී.දඹුල්ල, දිගම්පතන රක්‍ෂිතයේ ඉදි කළ කසළ ප්‍රතිචක්‍රීයකරණ අංගනය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඊට වැය කර ඇති මුදල, රුපියල් මිලියන 240ක්. මෙමඟින් උතුරු මැද සහ මධ්‍යම පළාත්වල පළාත් පාලන ආයතන 20ක පමණ ඉවතලන කැලි කසල ටොන් 50ක් බැගින් ලබාගෙන දෛනිකව ප්‍රතිචක්‍රීයකරණය කිරීමට හැකියාව පවතී. මෙම ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා ජපානයේ තාක්‍ෂණය ලැබීම ද විශේෂත්වයක්. උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්වූහ.

    Latest News