විපක්ෂ නායක අගමැති හමුවෙයි

ජූනි 03, 2019

    විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(03) පැවැත්වීමට නියමිතව තිබේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ(02) ප්‍රකාශ කළේ මෙම හමුව අද පෙරවරුවේ සිදුවනු ඇති බවයි.

    රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදීමට ඇති හැකියාවට සම්බන්ධයෙන් මෙහි දී සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 03 ජූනි 2019 09:24

    Latest News