හිස්බුල්ලා හා සාලිගේ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්වීම ජනපති පිළිගනී (විඩියෝ)

ජූනි 03, 2019
  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිගේ ඉල්ලා අස්වීමේ ලිපි පිළිගෙන තිබේ.

    එම ඉල්ලා අස්වීමේ ලිපි මීට සුළු වේලාවකට පෙර ජනාධිපතිතුමා විසින් භාරගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය ට්වුටර් ගිණුමේ සඳහන්කර තිබේ.

    pmdtwitter px 900 19 06 03

    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්ට, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට හා බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස අවධාරණය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් දළදා මාලිගාවේ උඩමළුවේ සත්‍යග්‍රහයක් පසුගිය සිකුරාදා ආරම්භ කරනු ලැබිණ. ඒ සඳහා අද වන විට දින 4ක කාලයක් ගතව තිබේ.  

    මේ අතර, ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිතුමා වෙත ලැබුණ බව රතන හිමියන් උපවාසයේ නිරත ස්ථානයට පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න විසින් මීට සුළු වේලාවකට පෙර දැනුම් දෙනු ලැබිණ. එම දැනුම්දීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ, සාකච්ජාකර සත්‍යග්‍රහය අතහැරීම පිළිබඳව ප්‍රකාශ කරන බවයි.

    Last modified on සදුදා, 03 ජූනි 2019 19:19

    Latest News