එහි අතු ගංගාවක් වන කිරඹ ආරේ ද ජල මට්ටම වැඩිවී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මාතර දිස්ත්රික්කය තුළ මේ වන විට අධික වර්ෂාපතනයක් පවතියි. මාලිම්බඩ, තෙළිජ්ජවිල,අකුරැස්ස,පස්ගොඩ,කඹුරුපිටිය,කත්දූව යන ප්රදේශවල අඛණ්ඩ වාර්ෂාව හේතුවෙන් වී ගොවිතැනට ද දැඩි බලපෑමක් සිදුව තිබේ. මාතර සිද්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කරන්නේ, නිල්වලා ගංගාවේ පහළ නිම්නය ආශ්රිතව ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසයි.