කෘෂි නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මකයි; ඇමති හැරිසන්

ජූනි 13, 2019

    ශ්‍රී ලංකාවේ වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 3,260ක මුදලක් වෙන් කර ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු තවත් අමාත්‍යාංශ කිහිපයක සංවර්ධන පිළිබඳ ප්‍රගතිය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “මෙවර සෝයා බෝංචි වගේම රටකජු ආදායමෙන් සහ රට කජු නිෂ්පාදනයෙන් අපි ස්වයංපෝෂිත වෙන්න පුලුවන්. ඒත් එක්කම රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් කෘෂි නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. කෘෂි නවීකරණ යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා.

    ඉන් එක් ව්‍යාපෘතියක දිස්ත්‍රික්ක හයක විතර දැනටමත් වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. තවත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවීන්ට අවශ්‍ය පුහුණුව දෙන්න, වැව් නවීකරණය කරන්න, කෘෂි ප්‍රදේශවල මාර්ග අලුත්වැඩියාව සහ ඉදිකිරීම් කරන්න. ගොවීන්ට අවශ්‍ය නව තාක්‍ෂණය, දැනුම ලබාදෙන්න. කෘෂි කර්මාන්තයේ දී අපේ රටේ නිෂ්පාදනය වන භෝග වර්ග සඳහා අපනයන වෙළෙඳ පොළක් ඇති කරන්න. ගොවීන්ට අපනයන බෝගවලට හුරු කිරීම ආදි මේ ව්‍යාපෘති දෙක යටතේ දැනටමත් අපි ක්‍රියාත්මක කරගෙන යනවා“ යැයි අමාත්‍ය පී හැරිසන් මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 20:11

    Latest News