අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් 15%ක් කපා හරී

ජූනි 19, 2019

    රජය මුහුණ දී ඇති මූල්‍යමය බාධාවන් හේතුවෙන් අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රාග්ධන වියදම 15%කින් අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය සියළුම අමාත්‍යංශවලට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

    ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු මේ වසරේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට රජයට නොහැකි වී ඇති බවත්, එසේම රජය පාස්කු ඉදිරිපා ප්‍රහාරය හේතුවෙන් අමතර වියදම් සඳහා මුදල් සෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බවත් පැවසේ.

    ප්‍රහාරය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලව ඇති සංචාරක අංශය නගා සිටුවීමට රජයට විශාල මුදල් අවශ්‍යතාවක් ඇති බවත්, පසුගිය වසරේ සිදු කරන ලද ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 99ක බිල්පත් රජය විසින් තවමත් පියවා නොමැති බවත් වාර්තා වෙයි.

    Last modified on බදාදා, 19 ජූනි 2019 10:37

    Latest News