ප්‍රවීණ ගායන ශිල්පිණි ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ජූනි 23, 2019

    ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අද (23) සවස අභාවප්‍රාප්ත වූවාය.

    දශක ගණනාවක් සංගීත රසිකයන්ගේ ජනාදරයට පත්ව සිටි ඇය, ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න මහතාගේ බිරිඳයි. සිසිර සේනාරත්න මහතා ද මීට වසර කිහිපයකට පෙර මියගියාය. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයෙන් ළමා ගායිකාවක ලෙස සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි ඇය, දශක 6 කට ආසන්න කාලයක් සිය මධුර හඬින් රසිකයන් පිනවූවාය. රේඛාව ඇතුළු චිත්‍රපට රැසක පසුබිම් ගායනයට එක්වූ ඇය, ගුවන් විදුලියේ ඒ, ශ්‍රේණියේ ගායිකාවක්. ඇය ගැයූ ගීත අතර රතුපාට මල්, වෙසක් කැකුළු අතු අග හිඳ හටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදු සඳ එළියේ, වැනි ගීත වඩාත් රසික ප්‍රසාදයට ලක්ව තිබේ.

    ඉන්ද්‍රාණි සේනාරත්න මහත්මිය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, ඇයගේ දේහය කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

     

    Last modified on සදුදා, 24 ජූනි 2019 20:15

    Latest News