වැල්ලම්පිටිය තඹ කම්හලේ "අබ්දුල්ලා" යළි රිමාන්ඩ්

ජූනි 24, 2019

    4/21 ප්‍රහාර සම්බන්ධව අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ අබ්දුල්ලා නම් සේවකයා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කර ඇත.

    පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවයේ නියුතුව සිටි රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නමැති සේවකයා ලබන 08 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(24) නියම කර තිබේ.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැදවනු ලැබිණි. එහිදී ත්‍රස්ත මර්ධන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බවයි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 8 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියම කර ඇත.

    Latest News