පානදුර නාගරික උද්‍යානය, දුම්රියපොළ චතුරඝ්‍රය ජන අයිතියට (වීඩියෝ)

ජූනි 25, 2019

    පානදුර ගාලවත්ත ආතර් වී දියෙස් නාගරික උද්‍යානය සහ දුම්රියපොළ චතුරඝ්‍රය අද (25) ජනතා අයිතියට පත් කෙරිණ.

    ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ “සුඛිත පුරවර“ වැඩසටහන යටතේ. රුපියල් නව කෝටි අනූ දෙලක්‍ෂයක් ඊට වැය කර තිබේ.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා....

    “මේ රටේ සංවර්ධනය ඉදිරියට යන්න තියෙන ලොකුම බාධාවක් මේ මාර්ග තදබදය. ඒ වගේම අපගේ ප්‍රවාහනයේ තියෙන ගැටලු. අපේ අධිවේගී මාර්ග හැදුවත්, පාරවල් පළල් කළත්, කාපට් කළත්, පොදු ප්‍රවාහනය නංවන්නේ නැතුව මේක දියුණු කරන්න බැහැ. ඒ වගේම අපි අනාගතයේදී බලාපොරොත්තු වෙනවා කටුබැද්දෙන් පටන් ගන්න සැහැල්ලු දුම්රිය මධ්‍යස්ථානය. එතනින් පිළියන්දලට. පිළියන්දලින් කිරුළපනට. ඒකේ පළමු පියවර හැටියට කඩුවෙලින් කොළඹ දුවන දුම්රිය මාර්ගය ලංකා ඉතිහාසයේ විශාලතම ආයෝජනය ජපන් රජයේ අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් ලබන 03 වැනිදා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 20:35

    Latest News