මුර සංචාරයක් අතරතුර දී සැක කටයුතු ඩිංගි යාත්රාවක් නිරික්ෂණය කර ඇති අතර, එහි තිබී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇත. තවද, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර දමා පුද්ගලයින් පලා ගොස් ඇති බවට සැක පළ කෙරේ.
සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය, ඩිංගි යාත්රාව, පිටත දහන යන්ත්රය සහ අනෙකුත් ධීවර අම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ, පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.