කඩුවෙල සන්නිවේදන මධ්‍යස්ථානය STF වටලයි

ජූනි 27, 2019

    බලපත්‍ර නොමැතිව කඩුවෙල,කොරතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සන්නිවේදන මධ්‍යස්ථානයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ඊයේ සමත් විය.

    සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මධ්‍යස්ථානය සොයා ගැනුණේ කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී. එහිදී එහි සිටි පිලිපීන ජාතික කාන්තාවක් හා ශ්‍රී ලාංකිකයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමක දී මෙම මධ්‍යස්ථානය සොයා ගත් බවයි, විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසන්නේ.

    ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනිණ. එහි තිබී සිම්පත් 32ක් එකවර භාවිත කළ හැකි උපකරණ කිහිපයක්, ජංගම දුරකථන 32ක් සිම් කාඩ්පත් දෙදහසක් ඇතුළු උපකරණ කිහිපයක්, ජංගම දුරකථන 32ක්, සිම් කාඩ්පත් දෙදහසක් ඇතුළු උපකරණ රැසක් සොයා ගැනිණ. කෝල් බයිපාස් නමින් අන්තර්ජාලය හා සම්බන්ධව ක්‍රියාත්මක කර තිබේ. මෙම ක්‍රමවේදය පිලිපීනය,කුවේට්,ඉන්දියාව ඇතුළු මැදපෙරදිග රටවල ද ක්‍රියාත්මකයි. එම රටවල සිට දුරකථන ඇමතුමක් ලබාගැනීමේ දී වැයවන්නේ ඉතා අඩු මුදලකි.

    එහි සිටින නියෝජිතයන්ට මුදල් ගෙවීමෙන් පසු ලැබෙන මෘදුකාංගය හා මුරපදය භාවිත කරමින් දුරකථන ඇමතුම් මෙරටට ලබාගැනීමට ද මෙමගින් හැකියි. එහෙත් මෙම ක්‍රමවේදය විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවයි, පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ. විශේෂ කාර්ය බලකාය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 27 ජූනි 2019 08:08

    Latest News