අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ඛනිජ තෙල් ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද පැවති සාකච්ජාවකදී මේ තීරණය ගෙන ඇත. කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ ඉතිරි මීටර් 140ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණය කිරීම නවතා තිබීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. තෙල් ප්‍රවාහන නල මාර්ගය මත ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ විරෝධය හේතුවෙනුයි, නල මාර්ග පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා තිබුණේ.