සතොස ආයතනයේ වංචා දූෂණ සොයා බැලීමට CIDයෙන් විමර්ශනයක්

ජූලි 03, 2019

    කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ පාලන කාලයේ සතොස ආයතනයේ සිදු වූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද(03) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

    2014-2015 පාලන කාලයේ සහල් ආනයනය කිරීමේදී සිදු වූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් හිමිනමක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර අධිකරණයට දැනුම් දෙන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත් වරයා එතෙක් නඩුව බහා තබන ලෙස නියෝග කළේය.

    Latest News