මරගලකන්දේ ගින්නෙන් අක්කර 200ක් විනාශයි

ජූලි 07, 2019

    මොනරාගල මරගලකන්දේ ඊයේ ගින්නක් හටගෙන තිබේ.

    අක්කර 200ක පමණ භූමි ප්‍රදේශයෙන් ගින්නෙන් විනාශ වී ඇත. යුද හමුදාව ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළේය. එහෙත්, මරගලකන්දේ මොනරාගල නගරය දෙසට ඇති භූමිය තවදුරටත් ගින්නට හසුව ඇතැයි අප වාර්තාකරු පවසයි. ප්‍රදේශයේ පවතින නියං හා සුළං තත්වය නිසා ගින්න හටගෙන තිබේ. එය තවදුරටත් පැතිර ගියහොත් ගුවන් හමුදාවේ සහය ලබාගැනීමට සිදුවන බව මොනරාගල ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

    Latest News