ලෝකාන්තයට දැලක්

නොවැ 15, 2018

    හොර්ටන්තැන්න ලෝකානත්යේ නැරඹුම් ස්ථානයට පහලින් ආරක්ෂිත දැලක් එලිමට වනජිවි දෙපාර්තුමේන්තුවේ අවධානය යොමුව තිබේ.

    ලෝකාන්තය නැරඹිමට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂිව උදෙසා ගත යුතු ඉදිරි පියවර ලෙස මෙය ක්‍රියාත්මක බව,හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ භාරකාර ප්‍රදිප් කුමාර මහතා පවසයි.

    හොර්ටන්තැන්න - ලෝකාන්තය නැරඹීමට වසරකට දෙස් - විදෙස් සංචාරකයන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පැමිණෙයි.

    පැමිණෙන සංචාරකයන්ට ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරන අවස්ථාවේම ආරක්ෂාව පිලිබඳව සැලකිලිමත්වන ලෙස එම සංචාරකයන් දැනුවත් කිරිමට විවිධ ක්‍රම මගින් කටයුතු කර ඇති බව ද ප්‍රදිප් කුමාර මහතා පවසයි.

    ප්‍රවේශ කවුළුවේ සිට විශාල දුරක් ලෝකාන්තයට පයින් ගමන් කිරීමට ඇති නිසා ඇතැම් මග පෙන්වන්නන් විදේශිය සංචාරකයන්ව පමණක් තනිවම එම ස්ථානයට යවා එම මග පෙන්වන්නන් ප්‍ර‍වේශ කවුළුව අසළ නතර වන බවයි ප්‍රදිප් කුමාර මහතා කියා සිටින්නේ.

    ලෝකානත්ය නැරඹිම සදහා ආරක්ෂිත නැරඹුම් ස්ථානයක් තම දෙපාර්තුමේන්තුව මගින් ඉදි කර ඇතත්, එම නැරඹුම් මධ්‍යස්ථානයට පහළින් අවධානම් ස්ථානවලට ගොස් විදේශකයන් ඡායාරුප ගැනිමට උත්සහ කිරිම නිසා මෙවැනි අනතුරු සිදු වන බවයි උද්‍යාන භාරකරු කියා සිටින්නේ.

    යුධ හමුදා කදවුරුවල දැනට භාවිතා කරන පරිසර හිතකාමි එම ආරක්ෂිත දැල් ලෝකාන්තය නැරඹුම් ස්ථානයට පහළින් ස්ථාන දෙකක මීටර් 80 පමණ දිගට එළිමට සැලසුම් කර ඇති බවයි, හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ භාරකාර ප්‍රදීප් කුමාර මහතා පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 නොවැම්බර් 2018 09:54

    Latest News