චීනයෙන් ලබාදුන් P 625 කොළඹ වරායට සේන්දු වෙයි (වීඩියෝ)

ජූලි 08, 2019

    චීන රජයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදුන් P 625 නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට පැමිණියේය.

    නෞකාව නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත බාරදීම පසුගිය ජූනි 05 වැනිදා චිනයේ ෂැංහායි පිහිටි නාවික තටාකාංගණයේදී සිදු කෙරිණ. ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතා මේ අවස්ථාවට එක්විය. 1994 වර්ෂයේ නිෂ්පාදිත මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වෙයි.

    එහි ධාරිතාවය ටොන් 2300 කි. මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කර තිබේ.

    Last modified on සදුදා, 08 ජූලි 2019 19:57

    Latest News