මිනීමැරීමට සාධාරණ කරුණු නැහෑ: හේමසිරිට - පූජිත්ට අධිකරණයෙන් ඇප (වීඩියෝ)

ජූලි 09, 2019

    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී නොසැලකිල්ල හා මිනීමැරුම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    සැකකරුවන්ට එරෙහි මිනීමැරුම් චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

    ඒ අනුව සැකකරුවන්ට එරෙහිව මිනීමැරීම සහ නොසැලකිල්ලෙන් බරපතළ දේපළ හානි සිදු කිරීම යන චෝදනාව පවත්වාගෙන යාමට සාධාරණ කරුණු නොමැති බව තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන් ඇප මත මුදා හරින බවද නියම කෙරිණ.

    ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 18:43

    Latest News