සැකකරු, අවුරුදු 20ක් වු දිප්පිටිය, අරනායක ප්රදේශයේ පදිංචි මොහොමඩ් තාජුඩීන් ආෂිෆ් අහමඩ් නැමැත්තෙකි. මොහු මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් ප්රදේශයේ දී අවි පුහුණුව ලබා ඇති බව අනාවරණය වී ඇත. මීට දින 03කට පෙර ඉහත ඇඟලුම් කම්හලේ සේවයට පැමිණි ඇති අතර, මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ ද සහය ලැබී ඇත. අත්අඩංගුවට පත් තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන විමර්ශන සිදුකරනු ලබයි.