තලවකැලේ - කඩ දෙකක් අළුවෙයි (ඡායාරූප)

නොවැ 16, 2018

    තලවකැලේ නගරයේ අද (16) අලුයම 2.00 ට පමණ හට ගත් ගින්නකින් වෙළදසැල් දෙකක් ගිනිගෙන විය.

    තලවකැලේ නගර මධ්‍යයේ පිහිටි මිරිස් ඇඹරුම් වෙළදසැලකින් හට ගත් ගින්න පැතිර ගොස් අසළ තිබු ෆැන්සි භාණ්ඩ අලෙවි කරන වෙළදසැලකට ද ගිනි ගෙන විනාශ විය.

    ලිදුල නගර සභාවේ ගිනි නිවන ඒකකය නුවරඑලිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, තලවකැලේ පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කෙරිණ.

    ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වි නොමැති අතර,  ගින්නෙන් සිදු වු අලාභය ද මෙතෙක් තක්සේරු කර නැ.

    ගින්නට හේතුව විදුලි කාන්දුවිමක් බවට දැනට කරන ලද පරික්ෂණ වල දී අනාවරණය වි ඇති බව, තලවකැලේ පොලිසීය ප්‍රකාශ කරයි.

    07

    02

    04

    09

     

    Latest News