තිරිංග නැතිව හැප්පුනු ලොරිය (වීඩියෝ)

ජූලි 20, 2019

    කොළඹ 12, කොළඹ ගෑස් 5 හංදිය ආසන්නයේ මොහොමඩ් ශයින් මාවත හෙවත් සෙන්ට්‍රල් පාරේදී අද(20) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් 6 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

    තිරිංග ක්‍රියා විරහිත වූ ලොරියක්, ත්‍රී රෝද රථ 5ක් හා වෑන් රථ 2ක ගැටීමෙන් අනතුර සිදුව ඇත. තිරිංග ක්‍රියා විරහිත වූ ලොරිය නතර කර ගැනීමට නොහැකිව වාහනවල ගැටෙමින් ඉදිරියට ගමන් කරන අයුරු අසල CCTV දර්ශනවල සටහන්ව වී තිබේ. අවට සිටි පිරිස දැඩි පරිශ්‍රමයක් යොදා රථය නවත්වා ගැනීමට සමත් විය. රියදුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ කියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 17:49

    Latest News