ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්රය නිකුත් කර ඇත. මහජන ආරක්ෂණ පනතේ දෙවැනි වගන්තිය අනුව ජනපතිට පැවරී ඇති බලතල අනුව එම අඥා පනතේ දෙවැනි කොටසේ විධිවිධාන ලංකාව පුරාම ක්රියාත්මක කළ යුතු බව ගැසට්පත්රයේ සඳහන්වේ.