මෙරටට ගෙන්වා ඇති කැළි කසල නාගරික අබලි ද්‍රව්‍ය ගණයට අයත්වන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව එම කාණ්ඩයට අයත් කැළි කසල ආනයනය කිරීමේදී අදාළ රටේ පරිසර අධිකාරියේ අනුමැතිය අවශ්‍ය බව ද මුදල් අමාත්‍යංශය වැඩි දුරටත් කියා සිටී. එවැනි අවසරයකින් තොරව මෙම ද්‍රව්‍ය ගෙන ආවේ ද යන්න සොයා බලන ලෙස ද අමාත්‍යවරයා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.